May 19, 2024

පාප් වහන්සේට හදිසියේ අනතුරක් (VIDEO)

සිය පෝලන්ත සංචාරය අතරතුර දී නොසිතූ විරූ අනතුරකට මුහුණ දීමට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේට සිදු වුණා.

ඒ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් ඉදිරිපිට සිදු කළ විශේෂ දේවමෙහෙයක් අතරතුර දී යි.

පාප් වහන්සේ එහි දී පය පැටලී ඇද වැටුණු අතර එම අවස්ථාව රූපවාහිනී නාලිකා ගණනාවක් ඔස්සේ ලෝව පුරා සජීවීව විකාශය කරමින් තිබුණා.

කෙසේ වෙතත් වතිකානයේ ප්‍රකාශකයින් පවසා ඇත්තේ මෙම අනතුරින් පාප් වහන්සේට අනතුරක් සිදුව නොමැති බව යි.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පෝලන්තයේ සංචාරයක නිරත වෙන පළමු අවස්ථාව මෙය යි.

එම අවස්ථාවේ වීඩියෝව පහතින් > > > 

Rate this item
(0 votes)
Last modified on Friday, 29 July 2016 15:51