May 19, 2024

මුදල් හොයන්න කැරපොත්තන් ගොවිපොලක් (VIDEO)

කැරපොත්තන් කෙරෙහි බොහෝ දෙනෙකු තුළ පවතින්නේ බියක් මෙන්ම අප්‍රියජනක බවක්.

නමුත් කිසිදු ගැටළුවක් නොමැතිව කැරපොත්තන් වගා කරමින් ඉහළ ආදායම් මාර්ගයක් උපයාගන්නා මිනිසුන් පිළිබඳව චීනයෙන් වාර්තා වෙනවා.

කැරපොතු ගොවිපොල පාලනය චීනයේ ව්‍යාප්ත වූ ජනප්‍රිය ව්‍යාපාරයක් ලෙස යි සැලකෙන්නේ.

එරට දේශීය වෛද්‍ය ප්‍රතිකාර සඳහා කැරපොත්තන්ට ඇතතේ ඉහළ ඉල්ලුමක්.

මෙම කැරපොතු ගොවිපොලවල කැරපොත්තන් වගා කරන්නේ ලක්ෂ කෝටි ගණනින්.

හොඳින් වැඩුණු පසු සම්පූර්ණ කැරපොත්තාම හෝ කැරපොත්තන් කුඩු කර ඉහළ මිලකට අලෙවි කළ හැකි බව වාර්තා වෙනවා.

එමෙන්ම කැරපොත්තන් බැද කෙටි ආහාරයක් ලෙස ද භාවිත කෙරෙනවා.

ප්‍රෝටීන් බහුල ආහාරයක් ලෙස යි කැරපොත්තන් සැලකෙන්නේ.

වීඩියෝව පහතින් > > >

Rate this item
(0 votes)