May 19, 2024

හිමායා හදිසියේම ගැබිණියක් වෙලා

අංජු හිමායා කියන්නේ බොහෝ රසික පිරිසකගේ හදවත් වැළඳගත් නිවේදිකාවක් වගේම රංගන ශිල්පිණියක්.

ඇය ගැබ් ගෙන ඇති බව පෙන්වන ඡායාරූප පෙළක් අන්තර්ජාලයේ පළ වීමත් සමග ඇගේ රසික රසිකාවියෝ තරමක් කළබල වෙලා.

නමුත් ඇය මෙසේ ගැබ්ගෙන ඇත්තේ සැබෑවට නම් නොවෙ යි.

ජනප්‍රිය ටෙළිනාට්‍යයක් බවට පත්ව ඇති "දේදුන්නයි ආදරේ" නාට්‍යයේ අංජු රඟ දක්වන "නිකිණි"ගේ චරිතය වෙනුවෙන් තමයි ඇය මෙහෙම ගැබිණියක් වෙලා තියෙන්නේ.

අංජු මේ පිළිබඳව මේ විදිහට අදහස් දක්වා තිබෙනවා.

"මේ දිනවල විකාශය වෙන "දේදුන්නයි ආදරේ" ටෙලිනාට්‍යයේ "නිකිණි" කියන චරිතයට පණ පොවන්නේ මම. චරිතයට හැටියට ඇය දැන් ගැබිනියක් වෙලා. පළමු වතාවට තමයි මම මෙවැනි චරිතයකට පණ පොවන්නේ. ඉතින් ටිකක් විතර මේක අභියෝගාත්මක වුණා රංගනයේ යෙදෙන්නේ. "දේදුන්නයි ආදරේ" ටෙලිනාට්‍යය අමතරව මම පසුගිය කාලෙ රූපගත කිරීම් කටයුතුවලට දායක වුණ "සාම" චිත්‍රපටයේ වැඩ කටයුතු පසුගියදා අවසන් වුණා. "රාස්ස කැලේ" චිත්‍රපටයෙන් පසුව මා රංගනයෙන් දායක වෙන දෙවැනි සිනමා නිර්මාණය මේක.

මෙම චිත්‍රපටයේ එන ප්‍රධාන භූමිකාව තමයි මම නිරූපණය කරන්නේ. මෙම චිත්‍රපටය පන්සිය පනස් ජාතක කතා අතරින් එකක්. ඉතින් වෙනස්ම අත්දැකීමක් මෙහි රූපගත කිරීම්වලදී මම ලැබුවා. මෙහි සියලු රූපගත කිරීම් කටයුතු තිබුණේ නුවර දිගන ප්‍රදේශයේ. චිත්‍රපටයට සම්බන්ධ වෙන්න ආරාධනා කළේ මෙහි නිෂ්පාදකවරයා වන උදාර පල්ලියගුරු. ඔහු මගේ හොඳ මිතුරෙක්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ගයාන් චානක මුහන්දීරම්."

Rate this item
(0 votes)
Last modified on Wednesday, 27 July 2016 09:37