May 19, 2024

ලංකාවෙ සද්දෙ ලෝකයටම අහන්න දුන්නු තරුණයෝ (VIDEO)

ලොව විශාලතම ඉලෙක්ට්‍රොනික සංගීත උළෙලවන "Tomorrowland ජාත්‍යන්තර සංගීත උළෙල" නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලාංකීය Dj සංගීත ශිල්පීන් දෙදෙනෙකුට හිමි වුණා.

ජෙරාඩ් සහ දිල්ෂාන් නමැති මෙම තරුණ සංගීත ශිල්පීන් දෙදෙනා "SELECTRO" නමැති වේදිකා නාමය යටතේ ඊයේ තම ප්‍රසංගය ඉදිරිපත් කළ අතර Tomorrowland ජාත්‍යන්තර සංගීත උළෙල සඳහා ශ්‍රී ලාංකීය නියෝජනයක් සිදු වූ පළමු අවස්ථාව මෙයයි.

බෙල්ජියමෙහි පැවැත්වෙන මෙම සංගීත උළෙල නියෝජනය කළ දෙවන දකුණු ආසියාතිකයින් ලෙසත් ජෙරාඩ් සහ දිල්ෂාන් වාර්තාගත වෙනවා.

ඔවුන් ඊයේ තම ඉදිරිපත් කිරීම සිදු කළ ආකාරය පහතින් > > > 

Rate this item
(0 votes)
Last modified on Saturday, 23 July 2016 12:56