June 01, 2024

ආයුර්වේදයත් සමග කතුන් විකිණූ ජාවාරමක් හෙළි වූ හැටි

ආයුර්වේද මධ්‍යස්ථානයක් බව හඟවා ගල්කිස්ස ප්‍රදේශයේ කලක සිට පවත්වාගෙන යනු ලැබූ ගණිකා නිවාසයක් වැටලීමට ගල්කිස්ස පොලීසිය සමත් වී තිබෙනවා.

මෙම ගණිකා නිවාසයේ කළමනාකාරිණිය ලෙස කටයුතු කළ කාන්තාව සහ ගණිකා සේවය සැපයූ තවත් කාන්තාවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව යි වාර්තා වන්නේ.

අදාළ කාන්තාවන් වයස අවුරුදු 27-55 යන වයස් සීමාවන්හි පසුවන්නියන්වන අතර ඔවුන් පයාගල, අම්බලන්ගොඩ, බණ්ඩාරවෙල, මාලඹේ, දඹුල්ල යන ප්‍රදේශවල සිට ගණිකා වෘත්තිය සඳහා පැමිණ ඇති බව හෙළි වී තිබෙනවා.

ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.

Rate this item
(2 votes)