July 05, 2024

ෆෝන් එක නිසා කෙල්ලෙකුට වෙච්චි දේ (VIDEO)

රිය ධාවනය කරන අතරතුර දී ජංගම දුරකතනය පරිහරණය කිරීම කෙතරම් භයානක ද යන්න සැවොම දන්නා කාරණාවකි.

නමුත් එහි භයානක බව දැන දැනම ජංගම දුරකතනය භාවිත කරන අතරතුර තම මෝටර් රථය පදවන පුද්ගලයින් සෑම විටෙකම පාහේ දක්නට ලැබේ.

වීඩියෝව සඳහා ක්ලික් කරන්න > > > 

දුරකතන ඇමතුම් ලබාගන්නා අතරතුර රිය ධාවනයේ යෙදීම නිසා වසරකට ලොව පුරා සැලකිය යුතු ගණනක් අනතුරට ලක්වන බවත් එම අනතුරු ඇතැම් විට මරණයෙන් පවා කෙළවර වන බවත් නොරහසකි.

ජංගම දුරකතනය පරිහරණය කරන අතරතුර රිය ධාවනය කළ තරුණියක් අනතුරට ලක්වන අවස්ථාව ඇගේ මෝටර් රථයේම සවිකර තිබූ කැමරාවක සටහන් වී ඇත. 

වාසනාවකට මෙන් දරුණු ආකාරයේ රිය අනතුරකට ඇයට මුහුණ දීමට සිදු නොවන නමුත් රිය පදවමින් දුරකතන භාවිත කිරීම කෙතරම් භයානක දැයි මෙම වීඩියෝවෙන් හොඳින් පැහැදිළි වේ.

වීඩියෝව පහතින් නරඹන්න > > > 

Rate this item
(1 Vote)