July 05, 2024

කෝපය පිටකරන අලුත්ම විදිය (VIDEO)

මහා මාර්ගයේ ගමන්කරමින් තිබු බුල්ඩෝසර් රථයක් එක්වරම මාර්ගයේ තිබු අනෙක් රථ වාහන උවමනාවෙන්ම හැප්පීමට කටයුතු කළ පුවතක් චීනයෙන් වාර්තා වේ.

මේ සිදුවීමෙන් වාහන කිහිපයකටම හානි සිදු වී ඇති අතර අනතුරුව මෙම බුල්ඩෝසර් රථය පාරෙ ඇවිදින පුද්ගලයින්ට ද එලව එලවා යට කරන්නත් උත්සාහ කර තිබේ.

කෙසේ හෝ මෙම බුල්ඩෝසර් රථයට මෝටර් බයිසිකලයක සිටි පුද්ගලයෙක් යට වී  ඔහු ජිවිතක්ෂයට ද පත්ව ඇති බව වාර්තා වේ.

මාර්ගය පුරා කළහකාරී ලෙස හැසිරුණු බුල්ඩෝසර රථය පොලීසිය විසින් අවසානයේ නතර කර තිබුණේ රියදුරාට වෙඩි තැබීමෙනුයි.

බුල්ඩෝසර් රියදුරා නිදහසට හේතු ලෙස පවසා ඇත්තේ තමාට පාලනය කරගත නොහැකි කෝපයක් ආ නිසා මෙලෙස හැසිරුණු බවයි.

චීනයේ පොලීසිය සඳහන් කරන අන්දමට මීට පෙරත් මෙම රියදුරා කලහකාරී සිදුවීම් සිදුකිරීම නිසා පොලිස් අත්අඩංගුවට පත්වූවෙකි.

එම වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Friday, 20 May 2016 16:38