May 13, 2024

අනුරපුර SF ඝාතනය - සංවේදී ඡායාරූප සහිතයි (PHOTOS)

අනුරාධපුරය - තිරප්පනේ - සෙලෙස්තිමඩුව - තුරුවිල ප්‍රදේශයේ මෝටර් රථයක් තුළ පුද්ගලයන් තිදෙනෙකු වෙඩිතබා ඝාතනය කර තිබිය දී ඊයේ (01) හමු විය.

මියගිය පුද්ගලයන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට මේ වන විට පොලිසිය සමත් වී සිටිති.

ඒ අනුව මොවුන්ගෙන් එක් පුද්ගලයෙකු නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි සරත් බණ්ඩාර නොහොත් එස්.එෆ්.බණ්ඩාර ලෙසයි හඳුනාගෙන ඇත්තේ.

ඔහුට එරෙහිව මිනීමැරුම් සහ මංකොල්ලකෑම් කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා පවතින බව වාර්තා වේ.

මියගිය තවත් පුද්ගලයෙකු එම ප්‍රදේශයේම පදිංචි 24 හැවිරිදි උඩගෙදර සමන් කුමාර නැමැත්තා වන අතර, ඔහුට ද යම් යම් අපරාධ සම්බන්ධ චෝදනා ඇති බව පැවසේ.

තුන්වැන්නා  ගාල්ල - ගිංතොට ප්‍රදේ්ශයේ පදිංචි මකුන්ද ගමගේ ප්‍රදීප් කුමාර නැමති 30 හැවිරිදි පුද්ගලයෙකු වන අතර මියගිය පුද්ගලයන් පැමිණි මෝටර් රථය කුලී පදනම මත ලබාගත් එකක් බවත්, එහි හිමිකරු ගිලීඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවටත් තොරතුරු අනාවරණය වී තිබේ.

ඡායාරූප පහතින්.

IMG_4007-1024x682

IMG_4009-1024x682

IMG_4024-1024x682

IMG_4030-1024x682

IMG_4033-1024x682

IMG_4005-1024x682

Rate this item
(1 Vote)
Last modified on Monday, 02 May 2016 09:20