May 13, 2024

සිසුවියක් කොණ්ඩ පටියෙන් ගෙළ වැළලාගනී

නාවලපිටිය බාර්කේපල් ප‍්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියක් ඊයේ (28) පෙරවරු 11.00 ට පමණ ඇගේ කොණ්ඩය බැඳි පටිය ගසක ගැටගසා ගෙල වැලලාගෙන මියගොස් ඇති බව වාර්තා වේ.

මියගිය පාසල් සිසුවිය වයස අවුරුදු 12ක් වූ සිවකුමාර් නෙරංජලා නමැති නාවලපිටිය ප්‍රදේශයේම පදිංචිකාරියකි.

මේ වනවිට අදාළ මෘත ශරිරය සම්බන්ධ මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණය සිදුකර දේහය නාවලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

ඇය මෙසේ සියදිවි නසාගැනීමට හේතුව තවමත් අනාවරණය වී නොමැත.

දේහය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්‍ෂණය අද (29) දින සිදු කිරීමට නියමිතය.

මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන නාවලපිටිය පොලිසිය විසින්  පවත්වාගෙන යන බව වාර්තා වේ.

Rate this item
(1 Vote)
Last modified on Friday, 29 April 2016 12:23