May 13, 2024

තෙවන බිරිඳ දෙවන බිරිඳට පිහියෙන් අනී

යුද හමුදා නිලධාරියකුගේ තුන්වැනි බිරිඳ විසින් ඔහුගේ දෙවන විවාහයේ බිරිඳට පිහියෙන් ඇනීමේ පුවතක් වාර්තා වේ.

පෙරේදා (27) උදෑසන ගාල්ල කොටුවේ දී මෙම පිහි ඇනුම සිදුව ඇති අතර සිද්ධියට මුහුණ දුන් කාන්තාව ඉන් බරපතළ තුවාල ලබා තිබේ.

තුවාල ලැබූ කාන්තාව තිස්‌හත් හැවිරිදි තිදරු මවක් වන අතර ඇය කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

පොලිස්‌ පරීක්‍ෂණවල දී අනාවරණය වී ඇති ආකාරයට සැකකාරියගේ සැමියා වන යුද හමුදා නිලධාරියා පළමුව මහනුවර ප්‍රදේශයෙන් කාන්තාවක්‌ විවාහ කරගෙන ටික කලකින් ඇය අතහැර දමා දෙවන වරටත් විවාහයක්‌ කරගෙන ඇත.

එසේ විවාහ කරගෙන ඇත්තේ තුවාල ලැබූ කාන්තාව යි.

ඔහුට පළමු විවාහයේ දරුවන් නොමැති අතර දෙවන විවාහයේ දරුවන් තිදෙනකු සිටිති.

යුද හමුදා නිලධාරියා දෙවන විවාහය ද හැර දමා තුන්වැනි වරට ද විවාහ වී ඇත්තේ 2013 වසරේය.

දෙවන බිරිඳට පිහියෙන් ඇන ඇත්තේ එම තෙවන බිරිඳ යි.

තමා හමුවීමට ගාල්ල කොටුවට පැමිණෙන ලෙස තෙවන බිරිඳ තෙවන බිරිඳට දුරකතන ඇමතුමක්‌ දී ඇති අත ඒ අනුව ඇය ඊයේ උදෑසන කොටුවේ මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්යාලය ඉදිරිපිටට පැමිණි අවස්‌ථාවේ තෙවන බිරිඳ විසින් ඡායාරූප කිහිපයක්‌ ද පෙන්වා එක්‌වරම අත්බෑගෙය තිබූ පිහියක්‌ ගෙන ඇයගේ හිසට, බෙල්ලට සහ අත්වලට පිහියෙන් අනින්නට ගත් බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසයි.

Rate this item
(0 votes)