May 12, 2024

සැමියා බැඳදමා බිරිඳට අමුතු අතවරයක් කළ දෙදෙනා

මංකොල්ලයක් සඳහා නිවෙසකට ඇතුළු වූ සොරුන් දෙදෙනෙකු එම නිවසේ තිබූ වටිනා දෑ සොරාගෙන ඉන් නොනැවතී ගෙහිමි කාන්තාවට අස්වාභාවික ලිංගික අතවරයක් සිදු කොට ඇති පුවතක් දිවුලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙම අවාසනාවන්ත අත්දැකීමට මුහුණ දී ඇති කාන්තාවගේ සැමියා ද එ් මොහොතේ නිවසේ සිට ඇති අතර කොල්ලකරුවන් විසින් ඔහුගේ අත් පා ගැට ගසා මුඛය ද බැඳ නානකාමරයට දමා අගුළු දා ති‍බේ.

ලක්ෂ 31කට ආසන්න වටිනා භාණ්ඩ කොල්ලකරුවන් විසින් සොරාගෙන ඇති අතර අදාළ කාන්තාවට ලිංගික අතවරය සිදු කොට ඇත්තේ ඉන් පසුව යි.

මෙම කාන්තාව පවසා ඇති අන්දමට කොල්ලකරුවන් විසින් ඇයව දූෂණය කිරීමට සැරසෙද්දී  තමාව දූෂණය නොකරන ලෙස කාන්තාව කොල්ලකරුවන්ට බැගෑපත් වී තිබේ.

ඉන් අනතුරුව අපරාධකරුවන් දෙදෙනා ඇය දූෂණය නොකර, අස්වාභාවික ලිංගික අතවරයක් සිදු කොට පළා ගොස් ඇති බව කාන්තාව පවසා ඇත.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 20 April 2016 16:20