May 17, 2024

කරාපිටිය වෛද්‍ය ප්‍රදර්ශනයේ ඔබ නොදුටු ඡායාරූප

ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ පැවැත්වෙන ප්‍රදර්ශනය නැරඹීම සඳහා විශාල පිරිසක් පැමිණෙන බව අප වාර්තාකරු සඳහන් කරයි.

කළල අවස්ථාවේ සිට මරණය දක්වා මිනිස් සිරුරේ විවිධ අවස්ථා එම වෛද්‍ය ප්‍රදර්ශනයේ දි දැකගත හැකි ය. එසේ ම එහි දී මිනිස් සිරුරේ ඉන්ද්‍රියන්, පද්ධතිවල ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය පිළිබඳ සජීවි නිදර්ශක ඉදිරිපත් කරමින් ජනතාව දැනුවත් කිරීම සිදු කරයි.

එපමණක් නොව, එදිනෙදා ජිවිතයේ බහුලව දක්නට ලැබෙන රෝග, ඒවායේ අහිතකර බලපෑම, එම රෝගි තත්ත්වයන්ගෙන් වැළකිම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ තවත් ප්‍රදර්ශන කුටියක ජනතාව දැනුවත් කරයි. 

වෛද්‍ය ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කුටි 33ක් දක්නට ඇති අතර ඒ සෑම ප්‍රදර්ශන කුටියකම එකිනෙකට වෙනස් නිර්මාණ දැක ගත හැකි වෙයි.

ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨය මගින් දෙවැනි වරට සංවිධාන කරන එම ප්‍රදර්ශනය සඳහා වෛද්‍ය සිසුන් මාස 06ක පමණ කාලයක සිට සූදානම් වී තිබේ.

මහජනතාවගේ, පාසල් දරු දැරියන්ගේ හා විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම පරිදි මාර්තු මස 31 වැනි දා අවසන්වීමට නියමිත ව තිබූ මෙම වෛද්‍ය ප්‍රදර්ශනය අප්‍රේල් මස 03 වැනි දා දක්වා දින 03 කින් දිර්ඝ කිරීමට පියවර ගත් බව කරාපිටිය වෛද්‍ය පිඨයේ පිඨාධිපති මහාචාර්ය සරත් ලේකම්වසම් මහතා සඳහන් කරයි.

ගාල්ල - ලලිත් චාමින්ද

 

 

 

 

 

 

 

 

 

 

 

 

Rate this item
(1 Vote)