May 17, 2024

ජිනීවා ගිය ගම්මන්පිල හා බන්දුලගේ ගමන් මලු නැතිවෙයි! 

අන්තර් පාර්ලිමේන්තු සංගමයට සංදේශයක් බාර දීමට ගිය ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සහ බන්දුල ගුණවර්ධන යන මහත්වරුන්ගේ ගමන් මලු ඊයේ (31) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට ලඟා වූ අවස්ථාවේදී අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.

උදය ගම්මන්පිල මහතා හා බන්දුල ගුණවර්ධන මහතා ජිනීවා නුවරට පැමිණියේ තනිවම බව වාර්තාවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ද එහි ගිය අතර ඔහු ගොස් ඇත්තේ තවත් ගුවන් යානයකිනි. ඒ අනුව මන්ත්‍රීවරුන් තිදෙනා ගුවන් යානා තුනකින් ජිනීවා නුවරට ගොස් ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් ජිනීවා නුවර අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ප්‍රධාන කාර්යාලයට සංදේශයක් බාර දුන්හ. ඒ තමන්ට මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයෙන් හා රජයෙන් සිදුවෙතැයි කියන අසාධාරණයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තරය දැනුම්වත් කිරීමටය.

උදය ගම්මන්පිල මහතා පළමුවෙන්ම ජිනීවා නුවරට ලඟාවූ අතර එහිදී සිය ගමන්මල්ල නැතිවී ඇතැයි දැනගන්නට ලැබී ඇත. නිශ්චිතවම ගමනාරම්භයේදී ගමන්මල්ල යානයට දමා නැති බව හෙළි වී ඇත.

ඒත් සමගම මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ජිනීවා නුවරට ලඟා වී ඇති අතර ඔහු පුදුමයෙන් මෙන් ගම්මන්පිල මහතා ලඟට ගොස් තමාගේද ගමන් මල්ල නැතිවූ බව දන්වා ඇත.

බන්දුල ගුණවර්ධන මහතා සිය අත්බෑගයේ අවශ්‍ය තරම් ඇදුම් දමාගෙන පැමිණ සිට ඇති අතර ගම්මන්පිල මහතා සියලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඔහුගේ ගමන් මල්ලේ දමා තිබී ඇත.

මේ සම්බන්ධයෙන් ගම්මන්පිල මහතා ජිනීවා නුවර ගුවන්තොටුපොලට දැනුම් දී තිබේ.

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 03 April 2016 10:55