May 18, 2024

ශාරීරික වෙනසක් පිළිබඳ ප්‍රචාරය ගැන මධ්‍යම ආණ්ඩුකාරවරිය පිළිතුරු දෙයි (VIDEO)

දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් සමාජජාල මාධ්‍යවල තමා පිළිබඳ නොයෙකුත් ප්‍රචාර ගෙන යන බවත් මේක විශාල දේශපාලන හස්තයක් කරන වැඩක් බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය නිලූකා ඒකනායක මහත්මිය පැවසුවාය.

මේ අතර මල්වතු මහ නාහිමියන් බැහැ දැකීමට ගිය ආණ්ඩුකාරවරිය මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට මෙලෙස පිළිතුරු දුන්නාය.

මාධ්‍යවේදියෙක් - ඔබතුමියගේ කිසියම් ශාරීරික වෙනසක් ගැන සමාජ ජාල මාධ්‍යවල ප්‍රචාරයක් යනවා.

ආණ්ඩුකාරවරිය - ස්වභාව ධර්මයේ සිදුවූ දෙයක් ගැන ඒ විදියට කථා කිරීම ගැන මටත් ලැජ්ජයි. මම දැන් එක්දරු මවක්. දේශපාලන වාසි ගන්න ඇතැම් අය එම ප්‍රචාර ගෙනියනවා. මේක විශාල දේශපාලන හස්තයක් කරන වැඩක්.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Friday, 25 March 2016 17:47