May 17, 2024

මැලේසියානු යානයේ කොටස් සොයා ගනී (PHOTOS)

මෙයට දෙමසකට පෙර මොසැම්බික් රාජ්‍යයෙන් හමුවූ ගුවන් යානා කොටස් දෙක 2014 වසරේ මාර්තු මාසයේදී අතුරුදන් වූ මැලේසියාවට අයත් MH370 යානයේ කොටස් බවට බොහෝ දුරට සනාථ වී ඇති බව ඕස්ට්‍රේලියානු විශේෂඥන් ප්‍රකාශ කරයි.

ඔවුන් සඳහන් කරන අන්දමට මේ ගුවන් යානා කොටස් දෙකම විශාල ප්‍රමාණයේ බොයිං යානාවක කොටස් වේ.

එමෙන් ම මේ යානා කොටස් දිරාගොස් ඇති ආකාරය අනුව ඒවා අවම වශයෙන් වසරක්වත් මුහුදු ජලයේ ගිලි තිබී ඇති බවට ද ඔවුන් සැකපළ කරයි.

ගත වූ වසර 5 ක කාලය තුළ MH370 හැරුණුකොට වෙනත් විශාල ප්‍රමාණයේ ගුවන් යානයක් අතුරුදන් වී නොමැති බැවින් මේ යානා කොටස් මැලේසියානු ගුවන් යානයේම කොටස් බවට සැක කළ හැකි බවත් ඕස්ට්‍රේලියානු විශේෂඥන් වැඩිදුරටත් සඳහන්කොට තිබේ.

ඡායාරූප පහතින්.

12721865_10201329285629723_848502462_n

 

12884570_10201329286389742_1671710944_n

12895510_10201329285389717_370140330_n

Rate this item
(1 Vote)