May 17, 2024

IS ත්‍රස්තයෝ ප්‍රහාරයේ සතුටට රසකැවිලි බෙදයි

බ්‍රසල්ස්‌ ප්‍රහාර පිළිබඳව සතුට පළ කරමින් ISIS සාමාජිකයන් ඊයේ (23) සිරියාවේ තම පාලන ප්‍රදේශවල කුඩා දරුවන්ට රසකැවිලි බෙදා දී ඇති බව වාර්තා වේ.

පෙරේදා (22) බ්‍රසල්ස්‌ නුවරට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 34 ක්‌ මියගොස්‌ තවත් 250 ක්‌ තුවාල ලැබූ අතර IS සංවිධානයට එරෙහිව සටන් වදින සෑම රටකටම ඉදිරියේ දී පහර දෙන බවට එම සංවිධානය ඊයේ අරාබි හා ප්‍රංශ භාෂාවෙන් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ඉදිරියේදී අඳුරු දිනයක්‌ උදාවන බවත් එවිට වඩා දරුණු ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවන බවත් ඔවුන් නිකුත් කළ ඇති පණිවිඩයේ දැක්වේ.

Rate this item
(0 votes)