May 17, 2024

පෞද්ගලික අංශ සේවක වැටුප වැඩිවීම සම්මතයි - වැටුප් වැඩිවන්නේ මෙහෙමයි

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප රුපියල් 2500 කින් වැඩි කිරීමේ පනතට හා එම සේවකයන්ගේ අවම වැටුප රුපියල් 10,000 ක් විය යුතු බවට දැක්වෙන පනතට තම අත්සන යෙදූ බව කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

ඒ අනුව අයවැය සහන දීමනා හා ජාතික අවම වේතන පනත් බලාත්මක වනු ඇති අතර, වත්මන් ආණ්ඩුවේ මැතිවරණ පොරොන්දුවක් අනුව ක්‍රියාත්මක වූ පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීම මේ අනුව නීති මගින්ද බලාත්මක කර ඇත.

පසුගිය වසර තුළ රුපියල් 1500 ක සහ මේ වසරේ රුපියල් 1000 ක වැටුප් වැඩිකිරීමක් සිදුකරන ලෙස රජය පෞද්ගලික අංශය වෙත දන්වා තිබුණි.

අදාළ පනත සම්මත වීමත් සමග පෞද්ගලික අංශයේ රුපියල් 40,000 අඩු වැටුපක් ලබන සේවකයන්ට රුපියල් 2500 වැටුප් වැඩි වීම හිමිවිය යුතු අතර, අදාළ කාලයන් තුළ හිඟ මුදලද සහිතව එය ලැබිය යුතුවේ.

 

Rate this item
(3 votes)
Last modified on Friday, 25 March 2016 00:54