May 17, 2024

බුද්ධාගම ප්‍රශ්න පත්‍රයට මහින්දගේ නමත්

වයඹ පළාතේ පාසල්වලට අද (23) පැවති ප්‍රථම වාර පරීක්ෂණය සඳහා වයඹ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ලබාදී ඇති 10 ශ්‍රේණිය බුද්ධ ධර්මය ප්‍රශ්න පත්‍රයේ එක් ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ගැටළුවක් මතුව ඇතැයි ලංකා ගුරු සංගමය පවසයි.

‘තමා විසින් කරන ලද සියලු යහපත් ක්‍රියා පිං පොතෙහි සටහන් කර තබමින් මරණාසන්න මෙහොතේදී එය කියවා බලා තමන් විසින් නිර්මාණය කරන ලද විහාර කර්මාන්තය දෙස බලා අවසන් හුස්ම හෙළන ලද පරසතුරන්ගෙන් ලක්දිව බේරාගත් ශ්‍රේෂ්ඨ පාලකයා වූයේ කවුද?‘ යන්න එහි තිබූ ප්‍රශ්නයකි.

එහි වූ පිළිතුරු හතර වූයේ

1.     හිටපු ජනපති මහින්ද රාජපක්ෂ

2.     ප්‍රථම විධායක ජනපති ජේ.ආර්.ජයවර්ධන

3.     දුටුගැමුණු මහ රජතුමා

4.     මහා පරාක්‍රමබාහු රජතුමා යන්නය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. 

Rate this item
(1 Vote)
Last modified on Thursday, 24 March 2016 15:52