May 17, 2024

මත්පැන් විෂ වී 27ක් මරුට

නීති විරෝධී ලෙස පෙරන ලද මත්පැන් විෂ වීමෙන් පාකිස්තානයේ හයිද්‍රාබාද් නුවර වැසියන් 24දෙනකු මියගොස් ඇති බව  වාර්තා වේ.

මියගිය පිරිසෙන් බහුතරයක් පාකිස්තාන හින්දු ජාතිකයන් වන අතර අනෙක් පිරිස අතර මුස්ලිම් ජාතිකයන් ද ව‍ේ.

මීට අමතරව මත්පැන් විෂ වී රෝගී තත්වයේ පසු වන තවත් කිහිපදෙනෙක් මේ වන විට රෝහල් ගත කොට ඇත.

මෙම නීති විරෝධී මත්පැන් පෙරන ලද බවට සැක කෙරෙන පුද්ගලයා පළා ගොස් ඇති බව එරට පොලීසිය ප්‍රකාශ කරන අතර ඊට සම්බන්ධ බවට සැක පිට තවත් 04 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස නීති විරෝධී ලෙස සකසන ලද මත්පැන් පානය කිරීම හේතුවෙන් සිදු වන මරණ රාශියක් පාකිස්තානයෙන් නිරන්තරයෙන් වාර්තා වේ.

එලෙස 2014 වසරේදී දින කීපයක් ඇතුළත හයිද්‍රාබාද් නුවර වැසියන් 40ක් ජීවිතක්ෂයට පත්වී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 23 March 2016 14:56