May 17, 2024

iPhone 5s අවසන් - ඇපල් සමාගමේ නවතම දුරකතනය මෙන්න (VIDEO)

මිල අධිකම සහ තාක්ෂණයෙන් උපරිම ස්මාර්ට් ෆෝන් නිපදවන සමාගමක් වන ඇපල් සමාගම විසින් නවතම ජංගම දුරකථනයක් හඳුන්වා දී තිබේ.

මෙම ජංගම දුරකථනය අඟල් 4 ක උසකින් නිමවා ඇති අතර මෙය නම් කර තිබෙන්නේ iPhone SE ලෙසයි.

නව තාක්ෂණික පහසුකම්වලින් පොහොසත් මෙම ජංගම දුරකථන මේ මස 31 වැනිදා වෙළඳපොලට නිකුත් කිරීමට ඇපල් සමාගම කටයුතු කරමින් සිටියි.

මෙය වෙළඳපොලට නිකුත් කළ පසු iPhone 5s ජංගම දුරකථන නිෂ්පාදන නවතා දමන බව ඇපල් සමාගමේ බලධාරීන් ප්‍රකාශ කර ඇත. 

ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙය ඇපල් සමාගම විසින් නිෂ්පාදනය කරන මිල අඩුම ජංගම දුරකථනය මෙය බවයි. 

ශ්‍රී ලංකා මුදලින් iPhone SE දුරකථනය මිල රුපියල් 60,000ක් වෙයි.

iPhone SE ජංගම දුරකථනයේ අන්තර්ගත පහසුකම්,

4-inch 1,136 x 640 resolution display

Apple A9 Processor

M9 CoProcessor

NFC for Apple Pay

16GB and 64GB Storage

12MP camera, 1.2MP front-facing camera

Bluetooth 4.2

VoLTE

802.11ac WiFi

Touch ID

Barometer for Health Tracking

Lighting Connector

Headphone jack

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)