May 17, 2024

ඔබ ඉන්න තැන දැකගන්න 'ගූගල් ස්ට්‍රීට් විව්' පහසුකම දැන් ලංකාවටත්

ලෝක ප්‍ර‍කට ගූගල් සමාගම සිය ගූගල් ස්ට්‍රීට් විව් Google Street View පහසුකම ශ්‍රී ලංකාවේ මාර්ග රූප ගත කර තිබෙන බව නිවේදනය කර තිබේ.

මෙය ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයක වටපිටාව අන්තර්ජාලය ඔස්සේ අංශක 360ක වට දැක්මක් ලෙස බලා ගත හැකි බව ගූගල් ආයතනය සඳහන් කරයි.

එමගින් විදේශීය සංචාරකයන්ට පමණක් නොව ශ්‍රී ලාංකිකයන්ට ද 'ගූගල් ස්ට්‍රීට් විව්' මගින් තම රටේ ප්‍රදේශ ගැන දැන ගැනීමට අවස්ථාව හිමිවේ.

2014 දෙසැම්බර් මාසයේ දී ගූගල් සමාගම ශ්‍රී ලංකාව තුළ ගූගල් ස්ට්‍රීට් විව් (Street View) වැඩසටහන ආරම්භ කර ඇති අතර 2016 වසරේ පෙබරවාරි මාසය වන විට ශ්‍රී ලංකාව තුළ කිලෝ මීටර් 50,000 කට ආසන්න ප්‍රදේශ වල රූප එකතු කර අවසන් කෙරුණු බව වාර්තා වේ.

 maps.google.lk වෙතින් එම පහසුකම ඔබට ලබා ගත හැකිය.

 

Rate this item
(1 Vote)