May 17, 2024

පිරිමි යට ඇඳුම් සොරකමේ ගිය බළල් හෙරක් (PHOTOS)

පිරිමි යට ඇඳුම් සහ සපත්තු මේස් සොරකම් කරන අපූරු 'හෙරක්' පිළිබඳ පුවතක් නවසීලන්තයේ හැමිල්ටන් සිටි නගරයෙන් වාර්තා වේ.

'ටොන්කිනීස්' විශේෂයට අයත් එම බැළලියගේ නම 'බ්‍රිජිට්' ය.

මාස 06ක් ඇතුළත බ්‍රිජිට් විසින් සොරකම් කර ගෙන පැමිණි පිරිමි යට ඇඳුම් ගණන 11ක් වන බවත් සපත්තු මේස් සංඛ්‍යාව 50කට අධික වන බවත් වාර්තා වේ.

බ්‍රිජිට්ගේ හිමිකාරිය තම බළල් සුරතලිය විසින් සොරකම් කර ගෙන පැමිණි යට ඇඳුම් සහ සපත්තු මේස් දැක්වෙන ඡායාරූප ඇයගේ ෆේස්බුක් පිටුවේ ද පළ කොට තිබේ.

සේරා නේතන් නම් ඇය පවසන්නේ සේදීමට තිබූ තම ඇඳුම් අතරේ තිබී තමාට අයත් නොවන ඇඳුම් හමුවීමත් සමග තම බළල් සුරතලියගේ සොරකම පිළිබඳ කරුණු අනාවරණය වූ බවයි.

ඡායාරූප පහතින්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 23 March 2016 11:33