May 17, 2024

බල්ලා මුරට තබා සිදුකළ සුපිරි වෙළඳසැලේ මංකොල්ලය (VIDEO)

ගාල්ල උණවටුණ හංදියේ පිහිටි සුපිරි වෙලඳසැලකට කඩාවැදුණු පුද්ගලයෙක් අද (21) අලුයම 05.00 ට පමණ රුපියල් ලක්ෂ 2කට අධික මුදලක් කොල්ලකා ඇති බව වාර්තා වේ.

මෙම සොරකම වෙලදසැලේ සවිකර තිබූ CCTV කැමරාවල සටහන්වී තිබු අතර ඒ ඔස්සේ එක් පුද්ගලයකු මෙම මංකොල්ලය සිදුකර ඇති බවත් ඔහු තමාගේ සුනඛයා ද එම ස්ථානයට ගෙනවිත් ඇති බවත් හඳුනා ගෙන තිබේ.

මෙම පුද්ගලයා විසින් රුපියල් ලක්ෂ 2කට  ආසන්න මුදලක් සහ සිගරට් තොගයක් කොල්ලකා ඇති බව වාර්තා වේ.

හබරාදූව පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අතර සැකකරු තවමත් අත්ඩංගුවට ගෙන නොමැත.

CCTV වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Monday, 21 March 2016 17:05