May 17, 2024

මෝදිත් එක්ක සෙල්ෆියක් ගන්න කැමති ද? (PHOTOS)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ඉටි රූපයක් ලබන අප්‍රේල් මාසයේදී ප්‍රදර්ශනය වීමට නියමිතය.

ඒ බ්‍රිතාන්‍යයේ මැඩම් ටුසාඩ් කෞතුකාගාරයේදී ය.

මෙම විශේෂ ඉටි රූපය එළිදැක්වීමත් සමඟ ඕනෑම අයෙකුට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග කරට කර ඉඳිමින් ඡායාරූපයක් හෝ සෙල්ෆී එකක් ලබාගැනීමේ අවස්ථාව උදාවන බව ටුසාඩ් කෞතුකාගාරයේ බලධාරීන් ප්‍රකාශ කරයි.

ඔවුන් මෙම ඉටි රූපය නිර්මාණය කිරීමට තීරණය කර ඇත්තේ මෝදි අගමැතිවරයා මේ වනවිට සමාජජාල තුළ වඩාත් කැපීපෙනෙන ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින ලෝක දේශපාලනයේ බලගතු චරිතයක් නිසාවෙනි. 

මෝදි අගමැතිවරයාගේ මෙම ඉටිරුව සම්බන්ධයෙන් ට්විටර් සමාජජාලය තුළ මේ වනවිටත් බෙහෙවින් කතාබහට ලක්වන අතර ඔවුන් පවසන්නේ සෙල්ෆී හා ඡායාරූප සැසිවලට මෝදි අගමැතිවරයා දැඩි කැමැත්තක් දක්වන බවයි.

එතුමා වරක් ෆේස්බුක් මූලස්ථානයට ගිය අවස්ථාවක ෆේස්බුක් නිර්මාතෘ මර්ක් සකර්බර්ග් ඡායාරූප හා වීඩියෝ පසුබිම අවහිර කරමින් සිට ගැනීමත් සමඟ ඔහුව අතින් අල්ලා පැත්තකට අදින දසුන ඉන්දීය සමාජජාල තුළ දැඩි හාස්‍යයකට බඳුන් වූ බව ද එම ට්විටර් පණිවුඩ ඔස්සේ ඔවුන් කතාබහට ලක්කර තිබේ.

ඡායාරූප පහතින්.

2 - Copy

3 - Copy

4 - Copy

5 - Copy

6 - Copy

7

8

9

10

Rate this item
(0 votes)
Last modified on Friday, 18 March 2016 11:21