May 17, 2024

මහින්ද වෙනුවෙන් ශ්‍රීලනිප මන්ත්‍රීවරු රාත්‍රී ගත කළ හැටි (PHOTOS) 

අද(17) ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කරනු ලබන 'ජන සටන' විරෝධතා රැලිය සඳහා ඊයේ (16) රාත්‍රී ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සංවිධාන කටයුතු සිදුකළ ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට නිකුත් කර තිබේ.

එහිදී අලස් අලහප්පෙරුම, නාමල් රාජපක්ෂ ඇතුළු නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් වේදිකාව නිර්මාණය වන අන්දම පරික්ෂා කළේය.

මෙම ජන රැලිය අද (17) සවස 3.00 ට කොළඹ හයිඩ් පිටියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

රණවිරු දඩයම, එට්‌කා ගිවිසුම, ඡන්ද අයිතිය පැහැර ගැනීම, දේශපාලන පළිගැනීම් ඇතුළු කරුණු කිහිපයක්‌ මුල් කරගෙන මෙම විරෝධතා රැලිය සංවිධානය කර තිබේ.

එම ඡායාරූප පහතින් 

Rate this item
(0 votes)
Last modified on Thursday, 17 March 2016 13:18