May 02, 2024

CCTV කැමරාවේ සටහන් වූ ලක්ෂ හයේ මංකොල්ලය (VIDEO)

අකුරැස්ස නගරයේ කුරුඳු මිලදී ගන්නා ව්‍යාපාරික ස්ථානයකට ඇතුළු වී එහි තිබු ලක්ෂ 6කට අධික වටිනාකමක් ඇති කුරුඳු තොගයක් කිසියම් පිරිසක් විසින් මංකොල්ලකා ඇති බව වාර්තා වේ.

ඊයේ (15) අලුයම 2.30ට පමණ මුහුණු ආවරණය කරගෙන ජීප් රථයකින් අදාළ පැමිණ ඇත.

අදාළ පිරිස එම ව්‍යායාපාරික ස්ථානයේ දොරගලු කඩා ඊට ඇතුල්වන ආකාරයත් එහි තිබෙන ගබඩා කරන ලද කුරුඳු සොරාගෙන යන ආකාරයත් CCTV කැමරාවේ පැහැදිලිවම සටහන්ව තිබේ.  

මෙම ව්‍යාපාරික ස්ථානය මිට පෙර පස් වතාවක්ම බිඳ ඇති බවත්, ඊට සම්බන්ධ කිසිවෙක් තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බවත් වෙළඳසැලෙහි හිමිකරු ප්‍රකාශ කරයි.

අකුරැස්ස පොලීසිය මේ වනවිට සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වනු ලබයි.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 16 March 2016 11:44