May 03, 2024

ගෙල කපාගත් වෛද්‍යවරියගේ සැමියා

කරාපිටිය රෝහලේ වෛද්‍යවරියකගේ සැමියා බෙල්ලේ කැපුම් තුවාල සහිතව කාමරයේ වැටී සිටියදී රෝහල් ගතකර ඇතැයි ගාල්ල පොලිස්‌ අධිකාරී කර්යාලය සඳහන් කරයි.

එසේ රෝහල් ගතකර ඇත්තේ තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියකු වන 38 හැවිරිදි එක්‌ දරු පියෙකි.

ඔහු තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර බිරිඳ කරාපිටිය රෝහලේ වෛද්‍යවරියකි.

මොවුන් කරාපිටිය ප්‍රදේශයේ නිවසක්‌ කුලියට ගෙන බිරිඳ වන වෛද්‍යවරිය සමඟ එහි පදිංචිව සිටි ඇති අතර අදාළ තැනැත්තා දිනපතා තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැකියාවට ගොස්‌ තිබේ.

මේ අතර පෙරේදා (14) රාත්‍රී අවුරුදු එකහමාරක්‌ වයසැති ඔවුන්ගේ දියණියට උණ සෑදීම නිසා අවදියෙන් සිටි බවත් එසේ සිටින විට අලුයම 02.30 ට පමණ ඔහු කුස්‌සියේ තිබූ පිහියක්‌ ගෙනවිත් තමා විසින්ම බෙල්ල කපා ගෙන ඇති බවත් අනාවරණය වී ඇතැයි පොලිසිය ප්‍රකාශ කරයි.

සිද්ධිය වන අවස්‌ථාවේ ඔවුන්ගේ මල්ලී කෙනෙකු ද බිරිඳ වන වෛද්‍යවරිය ද නිවසේ සිට ඇත. තුවාලකරු කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. 

ගාල්ල පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධව පරීක්‍ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 16 March 2016 09:58