May 03, 2024

සුකීගේ රියදුරා මියන්මාර ජනපති වෙයි (PHOTOS)

මියන්මාරයේ නව ජනපති ලෙස අවුන් සාන් සූකීගේ පක්ෂයෙන් ඉදිරිපත් වූ ඇගේ රියදුරු හිටින් කායෝ තේරී පත්වූ බව එරට පුවත් සේවා සඳහන් කරයි.

එරට හමුදා පාලනයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට පිවිසෙන මියන්මාරයේ ජනපතිවරණය අද (15) පැවැත්වූ අතර ඒ සඳහා මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන්සාන් සූකීට තරග කිරීමට නොහැකිවූයේ හමුදා පාලනය පසුගිය කාලයේ සිදුකළ ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙනි.

ඇගේ සැමියා විදේශිකයකු වීම හේතුවෙන් ජනපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි බවට එම ව්‍යවස්ථා සංශෝධනයෙන් නියම විය. 

නව ජනාධිපතිවරයා අවුන් සාන් සූකීගේ සමීපතමයකු ලෙස දිගු කාලයක් කටයුතු කළ අතර ඔහුගේ පියා ජනප්‍රිය කතුවරයකු හා කවියකු බව වාර්තා වේ.

මෙවර ජනාධිපතිවරණයට තරගකරුවන් තිදෙනෙක් ඉදිරිපත් වී තිබිණි.

ඡායාරූප පහතින්.

Htin Kyaw, left, a candidate for president from the National League for Democracy party stands in a corridor of Myanmar parliament in Naypyitaw, Myanmar, Tue...

zuki_88671923_031904354-1

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 March 2016 16:17