May 03, 2024

නික්ම ගිය මහ නා හිමියෝ (PHOTOS)

සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහනායක රාජකීය පණ්ඩිත අති පූජ්‍ය ගලගම ධම්මසිද්ධි ශ්‍රී ධම්මානන්ද අත්ථදස්සි මහනායක ස්වාමීන් වහන්සේගේ අපවත්වීමෙන් ශ්‍රී ලංකා රජයත්, ලක්වැසි ජනතාවත්, ලෝකවාසී බෞද්ධ ප්‍රජාව ඇතුළු පිරිසත් සංවේගයට සහ කම්පනයට පත් වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ගෞරවනීය මහා ස්වාමීන් වහන්සේ කෙනෙකු ලෙස තිබූ ධර්ම ඥානය සහ භික්ෂූන් වහන්සේ නමක ලෙස උන්වහන්සේගේ චරිතය තුළ තිබූ නිවුණු සංසුන් ස්වභාවය සහ මහා කාරුණිකභාවය හේතුවෙන් උන්වහන්සේ කාගේත් සිත් ගත් බව ද ජනාධිපතිවරයා පවසා සිටියේ ය. 

94 වසරක ජන්ම කාලය තුළ වසර 80 ක් උන්වහන්සේ පැවිදි ජීවිතය තුළ භික්ෂූන් වහන්සේ නමක ලෙස මහා පරමාදර්ශී චරිතයක් වූ බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ ය. 

උන්වහන්සේගේ අපවත්වීම ලක්වැසි ජනතාව, ලෝක බෞද්ධ ජනතාව ඇතුළු ජනතාවට ඉසිලිය නොහැකි පාඩුවක් බව ද ඔහු පවසා සිටියේ ය. 

උන්වහන්සේ මහනායක පදවියට පත් වී මාස 11 ක් වැනි කෙටි කාලයක් මෙම තනතුර ඉසිලූ බවත්, මීට පෙර උන්වහන්සේ අනුනායක හිමිනමක ලෙස මහියංගණය, දඹුල්ල වැනි රජමහා විහාරස්ථානවල විහාරාධිපති ධුරයේ කටයුතු කළ බවත් ජනාධිපතිවරයා කියා සිටියේය. 

සිය ශාසනික කාලය තුළදී සිදුකළ ශාසනික හා සමාජ සේවාවේදී උන්වහන්සේ සංඝ සමාජය තුළ කැපීපෙනෙන චරිතයක් බවට පත්වූ බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ ය.  අස්ගිරි මහවිහාර පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී මහ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය ඊයේ (13) මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේ දී පැවැත් විය.

 

Rate this item
(0 votes)