May 03, 2024

'සතෙක් මැරුවා කියලා බලුවැඩ කරන්න එපා' - උකුස්සා මැරූ අය මාධ්‍යට බැණවදී (VIDEO)

උකුස්සෙක් පණ පිටින් හම ගසා පාද කපා දමා කෘෘර ලෙස වද හිංසා පමුණුවා මරා දැමූ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා ලබන 24 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා නියෝග කළේය.

වීඩියෝව සඳහා ක්ලික් කරන්න > > > 

උකුස්සාව මරා දැමූ ස්ථානයට ද ඔහුන් පොලීසිය සමඟ රැගෙන ගිය අතර උකුස්සාගේ පිහාටු වැනි ශරීර කොටස් මෙන්ම හිස්කබල ද එම ස්ථානයේ තිබී හමු විය.

උකුස්සාගේ හම ඉවත් කළ අවස්ථාවේ ගත් ඡායාරූපයක් Facebook සමාජ ජාලය හරහා ව්‍යාප්ත වීමත් සමග මෙම සිදුවීම පිළිබඳ සමාජයේ දැඩි කතාබහක් ඇති වූ අතර ඡායාරූපයේ සිටින්නන් හඳුණා ගැනීමේ ව්‍යාපාරයක්  ද Facebook හරහා සංවිධානය විය. 

අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා උසාවියට ගෙන යද්දී එම අවස්ථාව ආවරණය කිරීමට ගිය මාධ්‍යව්දීන්ට ඔවුන් බැණවැදුණු කළ අතර "සතෙක් මැරුවා කියා බලු වැඩ කරන්න එපා, එළියට ආවාම අපි බලා ගන්නම්" යනුවෙන් ද තර්ජනය කර ඇත.

වීඩියෝව පහතින්.

සබැඳි පුවත් > > > උකුස්සා හමගැසූ නරුමයින් පොලීසියට කළ පාපොච්චාරණය මෙන්න

Rate this item
(2 votes)
Last modified on Thursday, 10 March 2016 15:55