May 17, 2024

ගැහැණුන් ඇඳුම් මාරුකරන හැටි බලන්න නිවසකට රිංගූ අයෙක් දැළේ

නිට්ටඹුව ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී සිටි නාඳුනන පුද්ගලයෙක් අල්ලා ගැනීමට නිවැසියන් පසුගිය දා සමත් වී තිබේ.

අසල්වැසියන්ගේ ද සහයෙන් අල්ලා ගත් එම පුද්ගලයාගෙන් ප්‍රශ්ණ කරද්දී ඔහු පවසා ඇත්තේ "ගැහැණු ඇඳුම් මාරුකරනවා බලන්නට ආ" බව යි.

ප්‍රදේශවාසීන් එක්ව මෙම පුද්ගලයා නිට්ටඹුව පොලීසියට භාර දී ඇති අතර ඔහුගේ බෑගයේ තිබී කාම පාර්සල් 2ක් සහ විදුලි පන්දමක් සොයාගෙන ඇත.

මීට පෙර ද නිට්ටඹුව ප්‍රදේශයේම නිවෙසකට රිංගා මෙවැනිම සිදුවීමක් වූ බව අදාළ පුද්ගලයාගේ බිරිඳ පොලීසියට පවසා තිබේ.

කෙසේ වෙතත් තම සැමියා තමාට සහ දරුවාට හොඳින් සලකන බවත්, පවුල සමඟ ඉතා සුහදශීලීව සිටින බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Rate this item
(2 votes)