May 17, 2024

පෙම්වතුන්ගේ අයිතීන් වෙනුවෙන් AsianMirror අප සූදානම්!

ප්‍රසිද්ධ ස්ථානවල පෙම්වතුන්ට සාමාන්‍ය පරිදි රැඳී සිටීම අවහිර කෙරෙන අමුතු ආකාරයේ නීති ක්‍රියාත්මක කිරීමට එම ස්ථානවල සිටින ආරක්ෂක නිලධාරීන් කටයුතු කිරීම මෙරට තුළ සුලබ සංසිද්ධියක් බවට පත්ව තිබේ.

කොළඹ නිදහස් චතුරස්‍රයේ වාඩිවී සිටි පෙම් යුවලකට බාධා කළ ආරක්ෂක නිළධාරීන් දෙදෙනෙකු සමග වාදයක යෙදෙන පෙම් යුවලකගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ ව්‍යාප්ත වීමත් සමග මේ පිළිබඳව කතා බහට ලක් වන්නටත් විරෝධතා මතුකරන්නටත් බොහෝ දෙනා පෙළඹී සිටිති.

ප්‍රසිද්ධ ස්ථානවල සාමාන්‍ය පරිදි රැඳී සිටින පෙම්වතුන්ට මලෙස අසාධාරණ ලෙසත් ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කෙරෙන ලෙසත් කටයුතු කරන ආරක්ෂක නිළධාරීන් පිළිබඳ හෙළිදරව් කිරීමට අපි සූදානම් වී සිටින්නෙමු!

එවන් සිද්ධීන් පිළිබඳ වීඩියෝ පට ඔබ සතුව ඇත්නම්, ඒවා Asian Mirror අප වෙත එවා ඔබට සිදුවූ අසාධාරණය පිළිබඳව, ඔබේ අයිතීන් උල්ලංඝනය කළ පුද්ගලයින් පිළිබඳව රටට හෙළි කිරීමේ අවස්ථාව ඔබ වෙත හිමිව තිබේ.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it. අපගේ විද්‍යුත් තැපෑලට ඔබේ වීඩියෝ පට යොමු කළ හැක.

සබැඳි පුවත් > > > 

පෙම්වතුන් ලඟ වීරකම් පාන සිකියුරිටි 'මහත්තුරු' (VIDEO)

Rate this item
(2 votes)
Last modified on Saturday, 05 March 2016 21:32