May 17, 2024

පෙම්වතුන් ලඟ වීරකම් පාන සිකියුරිටි 'මහත්තුරු' (VIDEO)

කොළඹ නිදහස් චතුරස්‍ර භූමියේ වාඩිවී සිටි යුවලක් ආරක්ෂක නිලධාරීන් විසින් එම ස්ථානයෙන් හේතු විරහිතව ඉවත් කිරීමට දරන උත්සාහයක වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතියි.

වීඩියෝව සඳහා ක්ලික් කරන්න > > > 

කිසිදු ආකාරයේ අශෝභන හැසිරීමක් නොකළ බව පැවසෙන මෙම යුවළට ආරක්ෂක නිලධාරීන් බාධා කරන්නේ පෙම්වතුන්ට එම ස්ථානයේ රැඳී සිටීමට ඉඩ නොමැති බවට නීතියක් ඇති බව සඳහන් කරමින් ය.

නිදහස් චතුරස්‍ර භූමියේ පමණක් නොව, කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ මෙන්ම පේරාදෙණිය උද්භිත උද්‍යානයේ ද මෙවන් අමුතු නීති ක්‍රියාත්මක වන අතර, කිසිදු වැරදි හැසිරීමක් නොකරන පෙම්වතුන්ට අශෝබන ලේබලය අලවන ආරක්ෂක නිලධාරීන් ඔවුන්ව ලැජ්ජාවට පත් වන අයුරින් කටයුතු කිරීම ද නිරන්තරයෙන් සිදු වේ.

එම වීඩියෝව පහතින්.

Rate this item
(9 votes)
Last modified on Saturday, 05 March 2016 09:38