May 17, 2024

කාන්තා විදුහලකට පැන්න රාජකීය සිසුන් 14ක් දැළේ

කොළඹ බිෂොප් විද්‍යාලයට අනවසරයෙන් ඇතුළු වීමට තැත් කළ බවට කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන් 14 දෙනකු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉන් 09 දෙනෙකු ලබන 17 වන දින දක්වා මාකොළ රැඳවුම් කඳවුරේ රඳවා තැබීමටත් අනෙක් 05 දෙනා මවුපියන්ගේ ඇපමත මුදා හැරීමටත් කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් නියෝග කොට තිබේ.

ඊයේ (03) මෙම සිසුන් පිරිස කොළඹ බිෂොප් විද්‍යාලයට ඇතුළු වීමට තැත් කරන බවට කොල්ලුපිටිය පොලීසියට ලැබුණු තොරතුරක් මත එම විද්‍යාලය වෙත යෑමේදී ඔවුන් පොලිසිය දැක පලාගොස් ඇති අතර පොලීසිය විසින් අදාළ සිසු පිරිස සහ ඔවුන් පැමිණි වාහන ද අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගනු ලැබූ සිසුන්ගේ මවුපියන් අතර නීතිඥවරු, ආරක්ෂක අංශයේ ප්‍රධානීන් සහ පොලීසියේ උසස් නිලධාරීන් ද වන බව පොලීසිය සඳහන් කරයි.

මෙම සිදුවීමත් සමඟ කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා විද්‍යාලවලට පොලිස් රැකවරණය ලබාදීමට පියවර ගන්නා ලෙස ද විවෘත වාහනවල නැඟී අනෙකුත් වාහනවලට සහ මහජනයාට හිරිහැර වන අන්දමට වීථි සංචාරය කරන පාසල් සිසුන් රැගත් වාහන පොලිස් අත්අඩංගුවට ගන්නා ලෙස ද නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට මහතා නියෝග කොට තිබේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 04 March 2016 11:49