May 17, 2024

'සින්ඩ්‍රෙල්ලා' සිනමා සංවාදය හෙට

ඉනෝකා සත්‍යාංගනීගේ "සින්ඩ්‍රෙල්ලා" සිනමා නිර්මාණය පිළිබඳ ප්‍රථම සිනමා සංවාදය හෙට (02) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

නීති පීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම සිනමා සංවාදයට ප්‍රවීණ සිනමා, කලා විචාරකවරුන් වන දීප්ති කුමාර ගුණරත්න, සමන් වික්‍රමආරච්චි සහ භූපති නලීන් වික්‍රමගේ යන මහත්වරුන් සම්බන්ධවීමට නියමිත ය.

හෙට පස්වරු 2 සිට 5 දක්වා 'සින්ඩ්‍රෙල්ලා' ප්‍රථම සිනමා සංවාදයට හා එක්වන ලෙස  එහි සංවිධායක පිරිස සිනමාව රසවිඳින ප්‍රේක්ෂක ඔබට ආරාධනා කර සිටියි.

පසුගිය 05 වෙනි දා සිට දිවයින පුරා සිනමාහල් ගණනාවක සින්ඩ්‍රෙල්ලා චිත්‍රපටය තිරගත වේ.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)