May 17, 2024

කුජ මාරුව ඔබට බලපාන්නේ මෙහෙමයි

ග්‍රහ ලොව සෙන්පති ලෙස හඳුන්වන කුජ, තුලා රාශියෙන් මිදී තමන්ගේ වාසස්ථානය වන වෘශ්චික රාශියට පැමිණියේ පසුගිය 20 වනදායි.

නක්ෂත්‍රවේදීන් පවසන ආකාරයට කුජ මාස 07ක් පමණ කාලයක් අඟහරු රාශියේ සිටිනු ඇත. එයින් රටට විශේෂ වශයෙන් කාලගුණික විපර්යාස සහ වෙනදාට වඩා ක්‍රියාශීලිවීම් පොදුවේ දැකිය හැකි බවත් විප්ලවකාරි ගුණ ඉස්මතු වන කාලයක් බවත් ඔවුන් ප්‍රකාශ කරයි.

නක්ෂත්‍රයේ සඳහන් වන ආකාරයට අඟහරු වෘශ්චික රාශියට බලවත්ය. වෘශ්චිකයේ සෙනසුරු/ශනි ග්‍රහයා ද මේ අවස්ථාවේ තැන්පත්ව සිටින නිසා ශනි - මංගල යෝගයක් යෙදෙයි. මෙම යෝගයේ පලාපලයන් එක් එක් තැනට වෙනස් වුව ද, පොදුවේ විවාහය, ආදරය - ප්‍රේමය යනාදි කටයුතු වලදි තරමක බාධා ගෙනදෙන යෝගයකි.

නි දුකට අධිපති වන අතර, කුජ කාමයට අධිපති වීම පොදු හේතුවක් ලෙස ද සඳහන් වේ.

ඒ අනුව මෙම කුජ මාරුව ඔබේ ලග්නයට බලපාන්නේ මෙසේ ය.

මේෂ

ආයුෂස්ථානය වන 8 වැන්නට කුජ පැමිණේ.

මෙම කාලය පොදුවේ සුබ කාලයකි. වෙනදාට වඩා කඩිසරව වැඩ කල හැකි කාලයකි. පවුලේ සමගිය වෙනුවෙන් කැපවිය යුතු කාලයකි. මංගල කටයුතු වලට යම් බාධාවන් පෙන්වන නිසා එම කටයුතු වලදි ඉවසිලිවන්ත විය යුතුය. බුද්ධිමත්ව කටයුතු කරන්න.

වෘෂභ

විවාහස්ථානය වන 7 වැන්නට කුජ පැමිණේ.

රුචක යෝග බලය ද කේන්දරස්ථානයක පිහිටිමෙන් යෙදෙන බැවින් සුභ තත්වයක් අපේක්ෂිතය. අධ්‍යාපන කටයුතු වලට බොහෝ සුබයි. තරඟ වලින් ජයග්‍රහණ හිමිි වේ.

පවුලේ අය සමග කරන කටයුතු වලදි, ප්‍රේම සබදතා වලදි ඉවසිලිවන්ත විය යුතුය. බුද්ධියෙන් කටයුතු කරන්න.

මිථුන

රෝගස්ථානය වන 6 වැන්නට කුජ පැමිණේ.

රෝගස්ථානය වුව ද නරක ස්ථානයක පාප ග්‍රහයන් යෙදීම ද සුබ තත්වයක් ලෙස කිව හැක. කරන කටයුතු විශේෂ වශයෙන් බුද්ධිමත් වුවොත් අන් අයගේ උදව් උපකාර විශේෂ වශයෙන් ලබාගත හැකි කාලයකි. සතුරු කරදර ද යම් තරමකට හෝ යෙදීම ද, සතුරන් පරාජය හෝ තම මතයට නම්මවා ගැනිමට හැකියාව ඇත. ව්‍යාපාර කටයුතු දියුනු කරගැනිමේ වාසනාව පවති.

කටක

විද්‍යාස්ථානය වන 5 වැන්නට කුජ පැමිණේ.

කුජගේ බලය, කටක ලග්න හිමියන්ට විශේෂයෙන් වැදගත් බැවින් සුබ කාලයකි. අධ්‍යාපන කටයුතු වලට වඩාත් යහපත් කාලයකි. ඔබගේ හැකියාවට නිසි පිලිගැනිම ලැබෙන කාලයකි. ජයග්‍රහණ ලැබෙන කාලයකි. මෙම සුබ තත්වයන් සමග හදිසි අනතුරු වලින් ද ප්‍රවේශම් වන්න.

සිංහ

දේපල, මව් ගැන කියවෙන 4 වැන්නට කුජ පැමිණේ.

රුචක යෝගයේ බලය ද ඇතිවන නිසා සුභදායකයි. විශේෂ වශයෙන් භූමිය සම්බන්ධ වාසනාව ලැබෙන කාලයකි. දේපල වාසනාව ද පවති. මැණික්, මිනිරන් ව්‍යාපාර කටයුතු වලට විශේෂයෙන් සුබයි.

පවුලේ සමගිය වෙනුවෙන් ඇප කැපවි කටයුතු කල යුතු කාලයකි. විශේෂ වශයෙන් අනවශ්‍ය ලෙස මත ගැටුම් ඇති නොකරගෙන බුද්ධියෙන් කටයුතු කරන්න.

කන්‍යා

වික්‍රමස්ථානය වන 3 වැන්නට කුජ පැමිණේ.

ගෝචරයේ තිබෙන අපලදායක තත්වයන් දුරුවන්නට හේතුවන ග්‍රහමාරුවකි. රැකියාවේ දියුණුව, උසස්වීම් ලැබීම් ද, ව්‍යාපාර ආදියේ දියුණුව ද අපේක්ෂිතයි. සමාජයේ හොඳ නම පැතිරෙන කාලයකි. දේශපාලකයන්ට ද සුබයි. සිතට අභිමානය ලැබෙන කාලයක් නිසා, කරන කටයුතු නිසි ලෙස බුද්ධියට අනුව වැඩ කටයුතු කරන සුබ තත්වයන් වර්ධනය කරගන්න.

තුලා

ධනස්ථානය වන 2 වැන්නට කුජ පැමිණේ.

ආර්ථික වාසි ලැබෙන කාලයකි. හදිසි ධනලාභ වාසනාව ද පවති. ඉතිරි කිරිමේ හැකියාව ලැබෙන කාලයකි. එම මුදල් නිසි ලෙස කළමනාකරණයට ද යොමුවිය යුතු කාලයකි.

පවුලේ සමගිය, යුග දිවියේ සමගිය වෙනුවෙන් ඉවසීමෙන් බුද්ධියෙන් කටයුතු කරන්න.

වෘශ්චික

ලග්නය වන 1 වැන්නට කුජ පැමිණේ.

 ලග්නාධිපති කුජගේ පැමිණීම රුචක යෝග බලය ගෙන දෙයි. සමාජ සේවා ධූරයන්, උපදේශන කටයුතු යනාදි වෘත්තින් කරන අයට විශේෂයෙන් සුබයි. ව්‍යාපාර කටයුතු වලට ද සුබයි.

ගෙදර දොර ජිවිතය ගැන වැඩි අවධානයක් ලබාදිය යුතු කාලයි. සමගිය වෙනුවෙන් ඉවසිමෙන් කටයුතු කල යුතු කාලයකි.

ධනු

වැයස්ථානය වන 12 වැන්නට කුජ පැමිණේ.

කුජගේ මේ පැමිණිම පොදුවේ අයහපත්ය. පවතින ඒරාෂ්ටක තත්වය ද අනුව විශේෂ වශයෙන් ගිවිසුම් අත්සන් කිරීම් යනාදියෙදි පරිස්සම් විය යුතුයි. වංචාකාරින්ගෙන් ප්‍රවේසම් වන්න. සියලුම කටයුතු වලදි බුද්ධිමත්ව කටයුතු කරන්නට තරයේ සිතට ගන්න.

ජන්ම පත්‍රය පවුලේ ජ්‍යොතිර්වේදියා ලවා පරික්ෂා කරගෙන, ගතවන ගෝචරය, මහ දසා යනාදියේ අපල තත්වයන් ද පවති නම් නිසි ප්‍රතිකර්ම/පින්කම් කිරිම වඩා යහපත්.

මකර

අයස්ථානය වන 11 වැන්නට කුජ පැමිණේ.

ඉතා ශුභ ග්‍රහ මාරුවකි. සිතට සැනසීම ලැබෙන කාලයකි. ආර්ථික වාසි සැලසේ. මෙතෙක් කල් කරගැනිමට නොහැකිව තිබුනු කටයුතු ආදිය සාර්ථක කරගැනිමේ වාසනාව පවතින කාලයකි. මනා බුද්ධියෙන් කරන කටයුතු වලින් ජයග්‍රහණ ලැබෙන කාලයකි.

හදිසි අනතුරු, ලෙඩ රෝග තත්වයන්ද අත්විය හැකි බැවින් අවධානමත් වන්න.

කුම්භ

රැකියාස්ථානය වන 10 වැන්නට කුජ පැමිණේ.

ශුභදායකයි. නව රැකියා අවස්ථා ලැබෙන කාලයකි. රුචක යෝග බලයද සහිතව කුජගේ දිග් බලයද නිසා බොහෝ සුභපල අපේක්ෂිතයි. රැකියාවේ දියුණුවද ඇතිවිය හැක. කරන කටයුතු සාර්ථක වන කාලයකි. මේ සියලු සුබ තත්වයන් සමග ඔබට ඉරිසියා කරන යම් පාර්ශව වලින් බාධක ගෙන ඒමටද හේතු ඇතිවිය හැක, ඒ තත්වයන් බුද්ධියෙන් කළමනාකරණය කරගන්න.

මීන

පුණ්‍යස්ථානය වන 9 වැන්නට කුජ පැමිණේ.

ශුභයි. සිතට සතුට, සැනසීම ඇතිවන කාලයකි. ජයග්‍රහණ ලැබෙන කාලයකි.

ගෘහ ජිවිතයට සුබයි. එසේම විවාහ කටයුතු වලටද සුභ කාලයකි. ප්‍රේම සබදතාවයන් ස්ථිර වීමද වැඩිහිටියන්ගේ ආශිර්වාද ලැබීමද මේ කාලයේ සිදුවන්නට හැකියාව ඇත.

සෞඛ්‍ය තත්වයේ අජීර්ණ තත්වයන් වලින් ප්‍රවේසම් වන්න.

උපුටා ගැනීම - ඉරු සේවය

 

Rate this item
(0 votes)
Last modified on Monday, 29 February 2016 16:45