May 17, 2024

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 55කට අලෙවි කළ චොකලට් නැවත කැඳවයි

February 24, 2016

රටවල් 55 ක වෙළෙඳපොලට නිකුත් කර තිබූ මාස් චොක්ලට් තොගයක් එම සමාගම විසින් නැවත ගෙන්වා ගැනීමට එම සමාගම තීරණය කර තිබේ.

ජර්මන් ජාතිකයෙකු විසින් ආහාරයට ගත් ස්නිකර් චොකලට් කැබැල්ලක තිබී ප්ලාස්ටික් කැබැල්ලක් හමු වී ඇත. අදාළ පුද්ගලයා පසුගිය මස ආහාරයට ගත් ස්නිකර් චොකලට් කැබැල්ලක තිබී එම ප්ලාස්ටික් කැබැල්ල හමු වී ඇත.

මේ සමග නෙදර්ලන්ත කර්මාන්ත ශාලාවෙන් නිෂ්පාදනය කර ලොව රටවල් 55ට අපනයනය කළ චොකලට් තොග නැවත කැඳවීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ එම සමාගමට අයත් නෙදර්ලන්ත නිශ්පාදනාගාරයක නිපද වූ චොකලට්වල ප්ලාස්ටික් කැබලි අඩංගු බවට තොරතුරු වාර්තාවීමත් සමගයි. 

මාස් සමාගම විසින් සිය නිශ්පාදන ආපසු කැඳ වූ රටවල් අතර ශ්‍රී ලංකාව ද ඇති බව වාර්තා වේ.

මාස්, ස්නිකර්ස් හා මිල්කි වේ යන චොකලට් ඇතුළු නිශ්පාදන රාශියක් නිපදවන මාස් සමාගම ලොව ප්‍රමුඛ පෙළේ ආහාර නිශ්පාදන සමාගමකි.

 

 

 

 

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 24 February 2016 15:12