May 17, 2024

ඥානසාර හිමි හිරගෙදර සිදුකළ පොහොය දින වැඩසටහන ඉහළ අණින් නවතී

February 23, 2016

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බොදුබල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලේ ඊයේ (22) සිදු කෙරුණු පොහොය දින වැඩසටහන අතරමග නතර කර ඇතැයි වාර්තා වෙයි.

රාවණා බලය කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් කාව්‍යමය ධර්ම දේශනාවක් පවත්වමින් සිටියදී පාලනාධිකාරිය විසින් එය නතර කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.  

ඊට පසුව යොදා තිබුණු භාවනා වැඩසටහන් සහ ධර්ම දේශනා ද අවලංගු කර ඇති අතර ඊයේ අලුයම වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව සිටින රැඳවූවන් අෂ්ඨාංගශීලය සමාදන් කරවීමෙන් මෙම පොහොය දින වැඩසටහන ආරම්භ කෙරිණි. 

ඔවුන් සිල් පවාරනය කරවීම වෙනත් භික්ෂූන් වහන්සේ නමක් ලවා සිදුකරවීමට පාලනාධිකාරිය කටයුතු කර තිබේ. 

 

Rate this item
(0 votes)