May 17, 2024

බැම්මකින් වැටී දෙදෙරු පියෙකු මරුට (PHOTOS)

February 23, 2016

ගිනිගත්හේන පොලිස් වසමට අයත් බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක් අඩි 20ක පමණ උසකින් යුත් බැම්මකින් පහළට වැටී ජිවිතක‍්ෂයට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ උදය සිරිවර්ධන නම් 45 හැවිරිදි දෙදරු පියෙකි.

වෘත්තීයෙන් රියදුරෙකු වන මොහු තම නිවසට යන මාර්ගයේ ඇති කන්දකින් පහළට වැටි ජිවිතක‍්ෂයට පත්ව ඇති බවට පොලිසිය සැකපළ කරයි.

ඊයේ (22) උදෑසන මොහුගේ සිරුර දුටු ප්‍රදේශවාසින් ඒ බව පොලිසිය වෙත දැනුම් දි ඇති අතර දේහය  හදිසි මරණ පරීක‍්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක‍්ෂණය සඳහා නාවලපිටිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරිමට ගිනිගත්හේන පොලිසිය පියවර ගත් බව වාර්තා වේ.

ඡායාරූප පහතින්.

 

හැටන් - රංජිත් රාජපක‍්ෂ 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 March 2016 14:35