May 17, 2024

මෛත්‍රී - රනිල් ඝාතනය කර රජය පෙරළීමේ Facebook සැළසුමක් හෙළි වේ (PHOTOS)

February 20, 2016

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ඝාතනය කර රජය පෙරළා දැමීමේ කුමන්ත්‍රණයක් සැළසුම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (19) ආගමන විගමන පාලකවරයාට නියෝග කර ඇති බව වාර්තා වේ.

Facebook ගිණුමක් හරහා අදාළ සැකකරු මෙම ඝාතන සහ රජය පෙරළීමේ කුමන්ත්‍රණය සැළසුම් කර ඇති බවත් 2013 වසරේ ජූනි මස 13 දින මැලේසියාවට ගොස් ඇති ඔහු එහි සිට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීමට සහ රජය පෙරළීමේ කුමන්ත්‍රණය සිදු කිරීමට සැළසුම් කර ඇති බව රහස් පොලිසිය අධිකරණයට දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

'සුමාල් ලක්මන' නමින් පවත්වාගෙන යන මෙම ‍Facebook පිටුවෙහි පසුගිය දා පළ කර තිබූ වීඩියෝ දර්ශනයක් පිළිබඳව ද මෙහි දී රහස් පොලිසිය විසින් අධිකරණයට දැනුම් දුන් බව වාර්තා වන අතර එම වීඩියෝවෙහි උපැස් යුවලක් පැළඳි අයෙකු මෝටර් රථයක් පදවමින් කතා කරන අයුරු දැක්වේ.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඝාතනය කළ යුතු බවත්, වත්මන් රජය ඉවත් කළ යුතු බවත්, පෙර සිටි රාජ්‍ය නායකයින් ඝාතනය කළ ආකාරයට දැනට සිටින ඉහළ නායකයින් දෙපළ ඝාතනය කළ යුතු බවත් එම වීඩියෝවේ දී ඔහු සඳහන් කරයි.

මෙම අපරාධ සඳහා රණවිරුවන්ට ඉදිරිපත් වන ලෙසට ආයාචනයක් ද ගිණුම හරහා සිදුකර ඇති නිසා එමඟින් ආරක්ෂක අංශ අයුතු ලෙස පොළඹවා ගැනීමක් සිදුව ඇති බවට ද රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වා ඇත.

එම පුද්ගලයාගේ බව පැවසෙන ඡායාරූප පහතින්.

Rate this item
(0 votes)
Last modified on Sunday, 21 February 2016 11:27