May 11, 2024

කාන්තා නේවාසිකාගාරයට රිංගූ රියදුරා දැළේ

සබරගමු විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයට අනවසරයෙන් ඇතුළුවෙමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පෙරේදා (09) රාත්‍රියේ අදාළ පුද්ගලයා නේවාසිකාගාරයට ඇතුළුවීමට උත්සාහ දරා ඇති බවට සරසවි සිසුවියන් දෙදෙනෙකු විසින් දැක බලංගොඩ පොලිසියට සිදුකළ පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ.

සමනලවැව විදුලි බලාගාරයේ රියදුරෙකු ලෙස කටයුතු කරන 26 හැවිරිදි පුද්ගලයෙකු මේ ආකාරයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 11 August 2015 09:26