June 02, 2024

‘එක්සත් අයියේ අපේ අක්කා අපට දෙන්න‘ - ඇමැති පුතුට එරෙහිව උද්ඝෝෂණක්

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ බාල පුත් එක්සත් සේනාරත්න බාල වයස්කාර දැරියක් රඳවාගෙන සිටින බව කියමින් එම දැරියගේ දෙමාපියන් ඇතුළු පවුලේ ඥාතීහු අද (09) කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරතවූහ.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ බාල පුත්‍රයා විසින් තම දියණිය පැහැරගෙන ගොස් රඳවා තබාගෙන සිටින බව අදාළ දියණියගේ දෙමාපියන් පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේය.

ඒ අනුව 2014 පෙබරවාරි මාසයේදී ඇමැති රාජිත සේනාරත්න මහතාගේ පුතෙකු වන එක්සත් සේනාරත්න මහතා විසින් රියකින් පැමිණ එවකට 16 හැවිරිදි වියේ සිටි තම දියණිය පැහැරගත් ගිය බවත්, කුරුඳුවත්ත පොලිසියට හා ජාතික ළමා රක්ෂණ අධිකාරියට මේ බව පැමිණිලි කළ නමුත් එයින් කිසිදු පළක් නොවූ බවත් අදාළ දියණියගේ පියා එහිදී සඳහන් කළේය.

තමන්ට සාධාරණය ඉෂ්ඨ කර දෙන ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හා කාන්තා කටයුතු ඇමැතිනී රෝසි සේනානායක මහත්මියගෙන්ද ඉල්ලා ඇති බව එහිදි ඒ මහතා පැවසුවේය.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කර ඇත්තේ එය අමුලික අසත්‍යක් බවත් එසේම එසේ සිදුවීමක් සිදුවී ඇත්නම් පොලිසියකට ගොස් පැමිණිල්ලක් කළ යුතු බවත්ය.

ඡායාරූප - ලංකාදීප

 

 

 

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 09 April 2015 15:43