May 19, 2024

හිටපු ඇමති - නගරාධිපති අතර මීගමුවේදී ඇති වූ ගැටුමේ වීඩියෝව (VIDEO)

මීගමුව - පිටිපන ප්‍රදේශයේ ධීවර ගම්මානයේ ඉදිකෙරුණු ප්‍රජා ශාලාවක් විවෘත කිරීමේ උත්සවයකදී ඊයේ (29) හට ගත් ගැටුමකින් එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබිණි. 

මෙම ගැටුම හටගෙන ඇත්තේ මීගමුව නගරාධිපති ඇන්ටනී ජයවීර මහතාගේ ආධාරකරුවන් පිරිසක් සහ හිටපු අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතාගේ ආධාරකරුවන් පිරිසක් අතර බව වාර්තා වේ.

ප්‍රදේශයේ ප්‍රජාසේවා මධ්‍යස්ථානයකදී මිගමුව නගරාධිපති ඇන්ටනී ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය සංවිධානය කර තිබු බව වාර්තා වේ.

කෙසේ වෙතත් එම ස්ථානයට හිටපු අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතාද පැමිණ ඇති අතර ඔහු නික්ම ගිය පසු ඔහුගේ ආධාරකරුවෙකු එම ස්ථානයේ සිටි පුද්ගලයකුට පහරදි තිබේ.

පහරකෑමට ලක්වු පුද්ගලයා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බව  පොලිසිය පැවසී ය.

සිද්ධිය සම්බන්ධයෙන් මිගමුව පොලිසිය විමර්ශන සිදුකරයි.

එම පහරදීම සම්බන්ධ වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)
Last modified on Monday, 30 March 2015 15:59