May 19, 2024

කාර්මික දෝෂයක් නිසා ගොඩබැස්සූ මිහින් ලංකා යානයට මොකද වුණේ (VIDEO)

බංගලාදේශයේ ඩකා නුවර බලා පියාසර ඊයේ (29) කරමින් තිබූ මිහින් ලංකා ගුවන් සේවයට අයත් ගුවන්යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් යළිත් කටුනායක ගුවන්තොටුපොළට ගොඩබස්වා තිබිණි.

එහි මගීන් ප්‍රකාශ කළේ ඊයේ පෙරවරු 7.30 ට පිටත්වීමට සැලසුම් කර තිබූ යානය ගුවන් ගත කළේ පෙරවරු 9.30 ට පමණ බවයි.

නමුත් කෙටි වේලාවකින් කාර්මික දෝෂයක් හටගත් බව පවසා යානය නැවතත් කටුනායක ගුවන්තොටුපොලට ගොඩබැස්ස වූ බව මගීන් ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් මිහින් ලංකා ආයතනයේ වගකිවයුතු නිලධාරියෙකු එම මගීන් ගමනාන්ත කරා යැවීම සම්බන්ධයෙන් පියවර නොගැනීම පිළිබඳව ද ඔවුන් චෝදනා කළේය.

කෙසේවෙතත් කාර්මික දෝෂයකට ලක් වූ යානය ගුවන් නියමුවා විසින් ඊයේ පෙරවරු 10.45 ට පමණ යළිත් කටුනායක ගුවන්තොටුපොළට ගොඩබැස්ස වූ බව ගුවන් තොටුපොළ කාර්යභාර නිලධාරියා පැවසීය.

එම වීඩියෝව පහතින් නරඹන්න. 

 

Rate this item
(0 votes)
Last modified on Monday, 30 March 2015 11:18