May 19, 2024

ෆුල් ෆේස් හෙල්මට් විරෝධතාකරුවන්ට ඇමතිගෙන් ප්‍රතිචාරයක් (VIDEO)

මුහුණු ආවරණ සහිත හෙල්මට් තහනම ඉවත් කරන ලෙස ඉල්ලා ඊයේ (29) ගාලුමුවදොර පිටියේදී විරෝධතාවක් පැවැත්විය.

මෙම විරෝධතාවට ෆුල්ෆේස් හෙල්මට් පැළඳි යතුරුපැදිකරුවන් 400 කට අධික සංඛ්‍යාවක් සහභාගි වූ අතර ඔවුන් මේ සඳහා සම්බන්ධ වූයේ සමාජජාල වෙබ් අඩවි ඔස්සේ ගෙනගිය පණිවුඩයකට අනුවද වීම විශේෂත්වයකි.

පසුව ගාලු මුවදොර පැවති විරෝධතාවයෙන් අනතුරුව යතුරුපැදිකරුවන් තම ගැටළුවට විසඳුමක් ලබාදෙන ලෙසට ලිපියක් භාරදීමට අග්‍රාමාත්‍ය කාර්යාලය වෙතද පැමිණි අතර එහිදී  අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහකාර ලේකම්වරයෙකු පැමිණ එම ලිපිය භාරගෙන ඇත.

ඉන් අනතුරුව විරෝධතාව සඳහා එක්ව සිටි යතුරපැදිකරුවන් මහජන සාමය හා ක‍්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ කඳානේ පිහිටි අමාත්‍යවරයාගේ කාර්යාලයට ගොස් ඔවුන් අමාත්‍යවරයා වෙත සංදේශයක් භාරදීමට කටයුතු කර තිබිණි. 

එහිදී පැමිණ සිටි යතුරුපැදිකරුවන් අමතමින් අදහස් දැක්වූ මහජන සාමය හා ආපදා කළමනාකරන අමාත්‍ය ජෝන් අමරතුංග සදහන් කළේ මේ සම්බන්ධයෙන් යළි සලකා බැලීමට තමන් කටයුතු කරන බවයි.

ෆුල්ෆේස් හෙල්මට් භාවිතා කිරීම අප්‍රේල් 2 වනදා සිට තහනම් කිරීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පසුගියදා පැවසී ය.  

ඒ අනුව අනුමත ආකාරයේ ආරක්ෂක හිස් වැසුමක් නොපැලඳීම රුපියල් 500 ක දඩ මුදලකට යටත්වන වරදක් වනු ඇති බව පොලීසිය සඳහන් කළේය.  

Rate this item
(0 votes)
Last modified on Tuesday, 31 March 2015 09:30