May 19, 2024

දිව කපා දෙවියන්ට පූජා කළ ඉන්දීය ක්‍රිකට් ලෝලියා (PHOTOS)

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ ඕස්ට්‍රේලියාව සමග පැවැති තරගයේ ජය ඉන්දියාවට හිමිකර දෙන්නැයි දෙවියන්ට බාරයක්වීමට ඉන්දීය තරුණයෙකු සිය දිව කපාගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අවුරුදු 17ක ලාල් මෝහන් නැමැති මෙම තරුණයා ශිව දෙවියන්ට කුඩා කාලයේ සිටම දැඩි භක්තියකින් කටයුතු කර ඇති අතර එම දෙවියන්ට  බාරයක් වෙමින් යැයි පවසා තමාගේ දිව කපා භාජනයකට දමා ඇති බව වාර්තාවේ.

පූජනීය ස්ථානයකදී මෙම තරුණයා දිව කපාගෙන ඇති අතර එම ස්ථානයේ සිටි පිරිස් පසුව ඔහු රෝහල්ගත කර ඇත.

මේ සම්බන්ධයෙන් වෛද්‍යවරුන් පවසන්නේ ඇතැම් විට මෙම තරුණයාට ජීවිත කාලයටම කතා කිරීමට නොහැකි විය හැකි බවයි.

 

Rate this item
(0 votes)