May 19, 2024

සිංගප්පූරු හිටපු අගමැතිවරයාගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණයට ගෙන ගිය අයුරු (VIDEO) 

සිංගප්පූරු හිටපු අගමැති අභාවප්‍රාප්ත ලී ක්වාන් යූ මහතාගේ දේහය ශ්‍රී තමසෙක් ගොඩනැගිල්ලේ සිට සිංගප්පූරු පාර්ලිමේන්තු සංකීර්ණයට ගෙන ගිය අයුරු දැක්වෙන් වීඩියෝව පහතින් දැක්වේ.

සිංගප්පූරු හිටපු අගමැති අභාවප්‍රාප්ත ලී ක්වාන් යූ වෙනුවෙන් ලෝක නායකයන්ගේ උපහාරය පළ වෙමින් පවතී.

91 වැනි වියේ පසු වූ සිංගප්පූරු හිටපු අගමැතිවරයා පසුගිය පෙබරවාරි මාසයේ පටන් රෝගාතුරව රෝහල්ගත කරනු ලැබ සිටියදී පසුගිය 23 වැනි දා උදෑසන දිවියෙන් සමුගත් බව නිවේදනය කෙරිණ.

දෙවන ලෝක මහා සංග්‍රාමය අවසන් වන විට කුඩා වරාය නගරයක මට්ටමේ තිබුණ සිංගපුර් දේශය ලෝකයේ පොහොසත්ම රටවල් අතර එකක් බවට පරිවර්තනය කිරීමට ලී ක්වාන් යූ සමත් විය.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 25 March 2015 17:32