May 18, 2024

'අපිව හදුන්වා දුන් ක්‍රමය වැරදියි' - මන්ත්‍රී නිර්මල සජීවි වැඩසටහනේදී කළ කතාව (VIDEO)   

ඊයේ (23) ස්වර්ණවාහිණි නාලිකාවේ විකාශය වූ 'සංග්‍රාමය' දේශපාලන වැඩසටහනේදී හිටපු අමාත්‍ය නිර්මල කොතලාවල මහතා එම වැඩසටහනේදී නිවේදකයා විසින් තමාව හදුන්වාදුන් ආකාරය නිවැරදි විය යුතු බව පවසමින් සිය නිවැරදි කිරීමක් සිදුකළේය.

එම වැඩසටහනට පැමිණි මන්ත්‍රීවරුන් නිවේදකයා විසින් හඳුන්වාදී ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත්ද සොයිසා මැතිතුමන්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිර්මල කොතලාවල මැතිතුමන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ලෙසයි. 

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ලෙස එම වැඩසටහනට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මැතිතුමන්, එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මැතිතුමන් හදුන්වා දී ඇත.

එහිදී සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිර්මල කොතලාවල මහතා සාකච්ඡාවට එක්වෙමින් පැවසූවේ “ඔබතුමා මේ අපිව හදුන්වල දුන්න ක්‍රමය පිළිබඳව මං නිවැරදි කරන්න ඕන.“ 

එම වීඩියෝව පහතින් නරඹන්න. 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 24 March 2015 11:15