May 18, 2024

ඇමතිකමක් ගත් ජනක කඳුලු සැලූ හැටි (video)

ශ්‍රී ලංකා නිදහස්‌ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 26 දෙනෙක්‌ 22 වැනිදා පස්‌වරුවේ නව කැබිනට්‌, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්හ.
 
මේ අතර පසුගිය මැතිවරණ සමයේ පැවති දඹුල්ල ශ්‍රීලංනිප බලමණ්ඩල රැස්වීමක දී එවකට තිබූ රජයෙන් අසාධාරණකම් සිදුවන බවට පවසා හඬා වැළපුන ජනක බන්ඩාර තෙන්නකෝන් මහතාට ද පළාත් සභා හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ධුරය හිමිව තිබේ.
 
තෙන්නකෝන් මහතා හඬා වැළපුන ආකාරය පහතින් නරඹන්න.
Rate this item
(0 votes)