May 18, 2024

කාල්ටන් ආ දරුවෙකු මහින්දගේ තුරුලට (PHOTOS)   

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බැලීමට දිනපතාම විශාල පිරිසක් තංගල්ල කාල්ටන් නිවසට පැමිණෙති.

මහින්ද රාජපක්‍ෂ මහතා දැක ගැනීමටත්, ඒ මහතාගෙන් ආශිර්වාද ලබා ගැනීමටත් මෙසේ ජනතාව දිවා රාත්‍රී තංගල්ල කාල්ටන් නිවසට පැමිණෙන අයුරු අපට දැක ගත හැකිය.

දුර බැහැර ප්‍රදේශවලින් පෞද්ගලික බස්‌ රථවලින් මෙසේ ජනතාව පැමිණෙන අතර කෙසේ හෝ පැමිණෙන සියලු දෙනාම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග වචනයක්‌ දෙකක්‌ කතා කිරීමටද අවස්‌ථාව ලබා ගනිති.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතා බැලීමට ඊයේ (22) තංගල්ල කාල්ටන් නිවසට පැමිණි පිරිස අතර සිටි දරුවෙකු අතට ගෙන මහින්ද රාජපක්ෂ මහතා සුවදුක් විමසූ අයුරු දැකගත හැකිවිය.

Rate this item
(0 votes)